Saturday, January 21, 2017

සමාජ විද්‍යා පර්යේෂණ වල පදනම හා සංකල්ප



Fundamental Concepts Of Social Science Research

Formulation Of a Scientific Research
·         පර්යේෂණයේ අරමුණු සහ වාසි
·         පර්යේෂණ ගැටළුවක් හදුනා ගැනීම.
·         පර්යේෂණ උපන්‍යාසය පැහැදිලිව ගොඩ නැගීම.
·         සංකල්පීය රාමුවක් තිබීම.
·         හේතුපල නියමයන්

Social Research
·         සුපරික්ෂාකාරිව අඛණ්ඩව සිදු කරන ලබන ගවේෂණය
·         මෙම ක්‍රියාවලියට  මුලිකවම අවශ්‍ය වන්නේ පර්යේෂණ ගැටළුවක් තිබීම, තොරතුරු එක්රැස් කිරීම හා  විශ්ලේෂණයයි.

Definition Of Research
·         ක්‍රමවත්ව කරනු ලබන ගවේෂණයක් නිසා දැනුම සම්භාරය වැඩි දියුණු කල හැක. 
·         අළුත් දෙයක් සොයා ගැනීමට උත්සහ දැරීම, පරණ න්‍යායන් වල සත්‍යාසත්‍යතාව සොයා බැලීම, දැනුම අළුත් කිරීම.

Scientific Investigation
විද්‍යාත්මක දැනුම පමණක් නොව අප අතර තිබෙන මති මතාන්තර හා දැනුම, ආකල්ප පිළිබද අභියෝග කිරීම මෙමගින්  සිදු වේ.

Characteristics Of Scientific Research
v  Empirical –  එය ආනුභාවිකයි , පර්යේෂණ ක්‍රියාවලිය සදහා එක් රැස්කරන තොරතුරු විද්‍යාත්මකව ලබා ගැනීම , මෙහි පදනම වේ. පුරවා නිගමන වලට එළඹිය නොයුතුයි. මනෝ රාජික නොවිය යුතුයි.
v  Theoretical – එය න්‍යායත්මකයි , හේතුපලවාදීව විශ්ලේෂණය කල හැක. 
v  Cumulative – එය සමුච්චිතයි. සමාජයට දැනුම එකතුවීමේ ක්‍රියාවලිය මෙමගින් සිදු වේ.
v  Ethical – එය සදාචාරාත්මකයි. පර්යේෂණ ක්‍රියාවලිය තුල කිසිදු පුද්ගලයෙකුට කායික, මානසික, හිංසනයක් නොකළ යුතුයි. පර්යේෂණයෙන් ගන්නා අළුත් දැනුම මානව සමාජයේ යහපත සදහා අදාල කර ගැනීම.
v  Value Free - එය අගය විනිශ්චයකින් තොරවීම.
Research  Method පර්යේෂණයක් ආනුභවික වන්නේ එය සිදු කරන විද්‍යාත්මක ක්‍රමය මත වේ. මෙය පර්යේෂණ ක්‍රමවේදයයි. කිසියම් පර්යේෂණ ගැටලුවකට අදාලව තොරතුරු රැස් කිරීම සදහා පර්යේෂණය ක්‍රමවත් , උචිත හා නිවැරදි විය යුතුය.
පර්යේෂණය සදහා කිසියම් ක්‍රමයක් තෝරාගත යුතුයි. ඔවුන් අද්‍යනය කල යුත්තේ කුමක්ද කියන කාරණාව මත හා අවශ්‍ය තොරතුරු ලබා ගන්නේ කාගෙන්ද කියන වග වැදගත් වේ.

The Basics Of Social Investigation / research

Social Research Of start with two simple reasons .
සරල කාරනා දෙකක් මත පර්යේෂණය ආරම්භ වේ.
·         සමාජයේ එදිනෙදා සිද්ධ වන්නා වූ වෙනස්වීම්.
නාගරීකරණය / ගෝලීයකරණය / කාර්මීකරණය
                                   I.            මෙම පර්යේෂණය නිසා සමාජයේ අළුත් තත්වයන් ඇතිවීම.
නගර සංක්‍රමණය / රැකියා විරහිතබව / අපරාධ වැඩිවීම.
·         සමාජ වෙනස්වීම නිසා පුද්ගලයා තුල ඇතිවන කුතුහලය
                                 II.            ඇයි සංක්‍රමණය වුයේ / ඇයි අපරාධ සදහා පෙළඹුනේ / ළමා අපචාර සිදුවන්නේ ඇයි ?
                               III.            සමාජය වෙනස් වුයේ ඇයි ...? මෙම වෙනසට සමාජීය හේතුව කුමක්ද ...? මේ සදහා ඇති සමාජ පසුබිම කුමක්ද ..?

Objectives Of Research
පර්යේෂණයක් සදහා හේතු වන කරුණු
1 . ගවේෂණාත්මක අරමුණු
2 . විස්තරාත්මක අරමුණු
3 . අත්හදා බැලීමේ අරමුණු - සම්පරික්ෂණ අරමුණු

Exploratory Objectives
ගවේෂණාත්මක පරීක්ෂණ වල ලක්ෂණ කීපයක් ඇත.
v  එම ප්‍රස්තුතය පිළිබද වර්තමාන අවබෝධයක් නැතිවීම. දැනුම අඩු බව හා ගැටළුකාරී තත්වයක් පර්යේෂණයේ තිබීම.
v  පර්යේෂණ ගැටළු පිළිබද නුහුරුභාවය හේතු කොටගෙන  එය සුවිශේෂී ගැටලුවකට යොමු කිරීමට අපහසුතාවක් ඇතිවීම නිසා ක්ෂේත්‍රයට ගිය පසු ගැටළුව හදුනා ගැනීම.
v  ක්ෂේත්‍රයේ පෙනෙන්නට තිබෙන වැදගත් දේවල් සදහා අවදානය යොමු කරමින් ගැලපෙන පර්යේෂණ සදහා දත්ත රැස්කර ක්‍රමවේදය සකස් කිරීම
v  මුල්කාලීනව කෙරුණු මානව විධ්‍යා අධ්‍යන මෙම ගවේෂණාත්මක අධ්‍යන සදහා යොදාගත හැක. පර්යේෂණය පිළිබද පර්යේෂකයාට කිසිදු අදහසක් නොමැති නිසා ඉතා පුළුල් හා ගැඹුරු ගවේෂණයක් මෙම පර්යේෂණය සදහා සිදු කල යුතු වේ.
Radcliffe Brown Study of Andaman Islands , Malinowski – Study of Trobriand Islands

Descriptive Objectives
v  පර්යේෂකයාට ගැටළුව පිළිබද පුර්ව අවබෝධයක් තිබීම. අද්‍යනය පිළිබද තොරතුරු රාශියක් පර්යේෂකයා සතුව තිබීම.
v  පර්යේෂකයා යොමු කිරීමට සුවිශේෂී පැතිකඩක් කෙරේ අවදානය යොමු කල හැක. මෙම පර්යේෂණය සදහා ජනතාවගේ සහභාගිත්වය ලබා ගත හැක.
යුද්ධයෙන් අවතැන් වූ පවුල් / අනාත දරුවන් / යුද්ධයෙන් වැන්දඹු වූ බිරින්දෑවරුන්
v  විස්තරාත්මක අධ්‍යනයේදී කිසියම් සංසිද්දියකට සම්බන්ධ හේතුපල සම්බන්ධතාවය බැලීම. මෙමගින් ගැඹුරු අධ්‍යනයක් සිදු කල හැක.  මහජන සහභාගිත්වය මගින් කරනු ලබන අධ්‍යනය , මේ සදහා කවුද සහබාගි කර ගන්නේ ? මොනවද එයින් ලැබෙන්නේ ? අපරාධ වැඩිවීමට දුප්පත්කම කෙසේද බලපාන්නේ ?
Joseph Rowntree and Charles Booth povetry , විසින් කරන ලද ,  London වල නාගරික ජීවිතය පිළිබද අධ්‍යනය

Experimental Objectives
v  කිසියම් ආකාරයක සුවිශේෂ වූ පරිසරයක එනම් විද්‍යාගාර තුල හෝ වෙන් කරන ලද ස්ථානයක මෙම පර්යේෂණය සිදු කරනු ලැබේ . මෙම පාලිත තත්වය යටතේ අත්හදා බැලීමේ පරීක්ෂණයක් මෙමගින් සිදු කෙරේ .
v  පර්යේෂකයා කිසියම් විචල්‍යක් මගින් අත්හදා බැලීමෙදි මතුවන ගැටළු   හෝ වෙනත් විචල්‍යක්  මගින් හෙතුපලවාදී සම්බන්ධතාවය  සෙවීම.
Elton Mayo - හෝතෝන් අධ්‍යනය

The Research Problems
v  පර්යේෂණ ගැටළුවක් ගොඩ නගා ගැනීම මගින් පර්යේෂණය ආරම්භ වේ.
v  පර්යේෂණ ගැටළුව ආරම්භ වන්නේ සාමාන්යෙන් පුළුල් හා ඉලක්කගත සිතා ගැන්මකින් විය යුතුයි.
v  අදහසක් හෝ දැනුමක් ඒ පිලිබදව තිබිය යුතුය.
v  පර්යේෂණ ගැටළුව බුද්ධිමය වශයෙන් උත්තේජනය මත පදනම් වූ ගැටළුවක් මගින් ප්‍රතිචාරයක් මගින් දැක්වීම. - විද්‍යාත්මක විමර්ශනයක් මගින්
v  පර්යේෂණ ගැටළුවක් යනු ප්‍රතිචාරයක් අවශ්‍ය වන ප්‍රශ්නයකි. පර්යේෂකයාට අවශ්‍ය උත්තරය පර්යේෂණ ගැටළුව මගින් සිදු වේ.
v  හදුනා ගැනීම, ගොඩ නගා ගැනීම, ( පර්යේෂණ ගැටළු  පර්යේෂණ ක්‍රියාවලියේ ප්‍රථම පියවර වේ.
v  ප්‍රශ්නාර්තකාරී වාක්‍යක් ලෙස හෝ ප්‍රකාශයක් පර්යේෂණ ගැටලුවේ සදහන් වේ. එම වැකිය තුල විචල්‍යන් දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් අතර සම්බන්ධතාවයක් තිබිය යුතුය.

Examples Of Research Problems Might Include
·         පුද්ගලයකුගේ ජිවන රටාව ගොඩ නැගීමට අධ්‍යාපන  ප්‍රගතිය බලපාන අයුරු
·         කිසියම් සමාජයක ,  පුද්ගලයකුගේ කලහකාරීව හැසිරිමට කුමන සාධක බලපානු ලැබේද ?
·         අඛණ්ඩව ඇති බාල අපරාධ වැලක්වීමට කුමන පුනරුත්තාපන ක්‍රමයක් වඩාත් පලදායි වනවාද ?
පර්යේෂණයේදී තොරතුරු එක්රැස් කල හැකි වඩාත් පලදායි හා ප්‍රතිපලදායක විසදුම් පර්යේෂකයා විසින් ලබා ගැනීම.

A Research Problem Have To Be Clearly Specified
පර්යේෂණ ගැටලුව පැහැදිලිව ප්‍රකාශ කල යුතුය .
·         “කුමන පුනරුත්ථාපන ක්‍රමය භාවිතා කල යුතුද ... බාල අපචාර වැලැක්වීම සදහා “
මෙම පර්යේෂණ ගැටලුව අපැහැදිලි අතර සුවිශේෂී පර්යේෂණ ගැටළුවක් නොවේ.

Weaknesses Of This Research Problem
v  පැහැදිලි අදහසක්  ප්‍රකාශ නොවීම පර්යේෂණ ගැටලුව වේ.
v  පර්යේෂණ ගැටලුව පිළිබද විවිධ පර්යේෂකයින් විවිධ මත දැරීම.
v  පුනරුත්තාපන ක්‍රමවේද පිලිබදව පැහැදිලි අදහසක් නොවීම.
v  අඛණ්ඩව විසදියයුතු ගැටළු රාශියක් මෙහි තිබීම.
v  බාල අපරාධ  සම්බන්ධ ලුළුල් සංකල්පයක් බැවින් ඒ පිළිබද පැහැදිලි පරාසයක් ප්‍රකාශ නොවීම.
( ස්ත්‍රී / පුරුෂ /සමාජ පන්තිය /සංස්කෘතිය )

Necessary Conditions Of The Research Problem
·         ගැටලුව සුවිශේෂී විය යුතුයි. ( දුම්බීම, සොරකම් කිරීම/ ලිංගික අපරාධ )
·         ගැටලුව පටු ඉලක්කගත වීම. ( පුනරුත්තාපන ක්‍රම යටතේ කුමන පුනරුත්තාපන ක්‍රමයද භාවිතා කල යුත්තේ ? )
·         පර්යේෂණ ගැටලුව සදහා ඇති නිර්වචන හදුනා ගැනීම. ( 
ග්‍රාමීය බව / දිළිදු බව /අධ්‍යාපනය )

Sources Of Research Problem
·         පුද්ගලික අත්දැකීම් - Personal Experience
·         ගැටලුව පිලිබදව ඇති ලිඛිත මුලාශ්‍ර (සාහිත්‍ය විමර්ශනය ) – Appraisal Of Literature
·         පෙර අධ්‍යන - Previous Studies
·         දැනට පවතින න්‍යායන් - Exiting Theories
·         සමාජීය ප්‍රශ්න - Social Issues
·         ජන වහර ( ඇදහිළි /විශ්වාශ ) – Folklores

Deciding Objectives Of The Research
·         පර්යේෂණ ගැටලුව පිළිබද විසදුම් ලබා ගැනීමේදී එම ගැටලුවට අදාල කුමන පැතිකඩක් පිළිබද තොරතුරු රැස්  කල යුතුද යන්න ප්‍රකාශ කිරීම.
·         එම නිසා පර්යේෂණ ගැටළුව වැදගත් වේ.
·         පර්යේෂණ ගැටලුව මගින් කුමන අරමුණද ඉලක්ක වන්නේ යයි සෙවීම
·         මෙම අරමුණු හා ඉලක්ක ඔස්සේ කුමන පැතිකඩ වලටද පර්යේෂණය යා යුත්තේ සෙවීම.
·         පර්යේෂණ අරමුණු , ඉලක්ක පිළියෙළ කිරීමේදී අනුගමනය කල යුතු වනවඩාත් අර්ථවත් ලෙස මෙම පරීක්ෂණය සිදු කලයුත්තේ කුමන අරමුණු හා ඉලක්කද යන්න නිශ්චය කල යුතුයි.
·         පර්යේෂණය අවසානයේදී ලගා කර ගැනීමට බලාපොරොත්තු වන්නේ කුමන ප්‍රතිපලද යන්න නිශ්චය කර ගැනීම.
·         අරමුණු ඉලක්ක පැහැදිලිව ප්‍රකශ කිරීම.

Examples of Research Objectives
·         සමාජ සාධක - ළමා ශ්‍රමය භාවිතා කිරීම. ළමා ශ්‍රමය භාවිතා කිරීම තහනම් ලාංකීය ආර්ථිකය තුල
·         මේ සදහා නීතිමය රාමුවක් ඇත

Research problem
·         අවිධිමත් අංශය තුල විශාල වශයෙන් ළමා ශ්‍රමය දක්නට ලැබෙන්නේ ඇයි ?
·         ජාතික ප්‍රතිපත්ති හා ප්‍රඥාප්තින් තිබියදී ළමා ශ්‍රමය භාවිතා කරන්නේ ඇයි?
·         පරික්ෂා කිරීම - අවිධිමත් ලෙස හා ළමා ශ්‍රමය භාවිතා කිරීම පරික්ෂා කිරීම.
·         ළමුන් අවිධිමත් අංශයේ කාර්යන් සදහා යෙදවීමට තල්ලු වී යාම හා ඇද ගැනීම , යන සාධක පරික්ෂාව
·         මෙම වැඩ ගැනීමේදී  ළමයින් වැඩ කරන පසුබිම හා සේවා තත්වය අධ්‍යනය කිරීම.
·         ළමා ශ්‍රමිකත්වය නිසා ළමුන්ට ඇතිවන අහිතකර ප්‍රතිපල

Research Hypotheses
·         පර්යේෂණයක් සිදු කිරීමේදී උපන්යසයක් හෝ උපකල්පනයක් ගොඩනගා ගත යුතුයි.
·         උපන්යසයක් යනු පර්යේෂණ ගැටලුවට අදාලව ගොඩ නගා ගන්න වූ තාවකාලික පිළිතුර
විචල්‍යන් අතර සම්බන්ධතාවය පැහැදිලිව තිබිය යුතුය.
·         තාවකාලික  පිළිතුරේත් සත්‍ය අසත්‍යතාවය තහවුරු කල යුතුය . ඒ සදහා අනුභවිකව තොරතුරු රැස්කර ලබා ගන්න නිගමන මත සකස් විය යුතුය.
·         පර්යේෂණ ගැටළුවක් ගොඩනගා ගැනීමේදී එය තුල පුළුල්භාවයක් තිබිය යුතුය. එය තව දුරටත් ඉලක්ක කරගත යුතුයි.
·         මෙම උපන්‍යාස පර්යේෂණ ගැටලුවට යොදා ගන්නා සරල පිළිතුරක් පමණි.එය ඔව් හෝ නැත විය හැක.

Definition Of Hypotheses
උපන්‍යාසයක් යනු විචල්‍යන් අතර  ( පර්යේෂණ ගැටලුව හා පර්යේෂණය අතර සිදු විය හැකි අනාවැකියක් හෝ පුර්වෝකතනයකි.)

Types Of Hypothesis
·         නිෂේධන උපන්‍යාසය - Null Hypothesis
·         සාධනීය උපන්‍යාසය  - Alternative Hypothesis

Null Hypothesis
විචල්‍යන් අතර සම්බන්ධතාවයක් නැත යන්න .
(අද්‍යාපනය හා අදායම අතර සම්බන්ධතාවයක් නැත )
සත්‍ය අසත්‍යතාවය සෙවීම සදහා , උපන්‍යාසයක් ගොඩනැගීම පමණක් නොව පර්යේෂණයේදී සංඛ්‍යාමය විශ්ලේෂණයක් කල යුතු වේ.

Alternative Hypothesis
විචල්‍යන් අතර සම්බන්ධතාවයක් ඇත  යන්න .

( ඉහල මට්ටමේ අධ්‍යාපනයක් තිබීම ඉහල අදායම් ලැබීමේ වැඩි ප්‍රස්ථාවක් ඇත.)

2 comments:

  1. අම්මෝ තේරෙන්නෙ නැ බං

    ReplyDelete
    Replies
    1. න්‍යායක් නැති උනාට ඔයා කරන්නෙත් ලිවිම තුලින් .... යම් විදියක සමාජීය පර්යේෂණයක් බව දන්නේ නැද්ද ? අටමෝ ....

      ඔය දන්නා ටික ඇති ..... මේ රාමුවට දාගන්න පුළුවන්

      Delete