Tuesday, January 27, 2015

සාම විනිසුරු


             
         සාම විනිසුරු තනතුර කියන්නේ මොකද්ද  කියල , මං අපේ blog මිතුරන්ගෙන් අහන්න ඕන කියල හිතුව. පහුගිය දිනවල දිවයින තුල  වැඩි සංඛ්‍යාවකට මේ තනතුර හම්බ උනා. මුළු දිවයිනටම හා එක්තරා බල ප්‍රදේශයකට පමණක් දිවුරුම් දුන් අයත් මේ අතර හිටිය. වැඩිපුරම ඒ දවස් වල නම් හිටියේ වැඩිහිටි අය. කාන්තා , පිරිමි දෙකොට්ඨාශයම නියෝජනය වෙමින් සාම විනිසුරු තනතුර සදහන් බෝඩ් ලැලිත් එල්ලලා තියනවා මම දැක්කා. 
       අධිකරණයක් හමුවේ දිවුරුම් දෙමින් , ශ්‍රීලංකා රාජ්‍යයේ ඒකීයත්වය රකින බවට ගෞරවනීය  ලෙස දිවුරුම් දී, සමාජ මෙහෙවරක් කරන බවට සපථ  වී එන මේ නිලධාරීන් සමාජය වෙනුවෙන් කරන්නේ මොනවද....? ඇත්තෙන්ම ඔවුන්ගෙන් සමාජ මෙහෙවරක් ඉටු වෙනවාද...... ? කියන එක හොයන්න වටිනා වැඩක්, මොකද වැඩක් කරන්න ඉන්න පිරිසගෙන් අපි වැඩක් ගන්න ඕනනේ. 
       මට මතකයි මං විභාගෙකට අත්සන් කරන්න හුගක් ඉස්සර දවසක සාමදාන විනිසුරුවරයෙක් මුණ ගැහෙන්න ගියා. මගෙන් ගාස්තුවක් ගත්තේ නැති උනාට, එයා වෙන අයගෙන් නම් සල්ලි ගන්නවලු. මේක මුදලට කරන ව්‍යාපාරයක්ද....? අර ...... ආගමන විගමන එක ලග කඩ දාගෙන , රට යන අයට දිවුරුම් පෙත්සම් එහෙමත් , සකස් කරන සේවාවක් තියනවා කියල, මං දවසක් පත්තරෙන් දැක්කා. ඇත්තටම මේ සේවාවේ නියම අර්ථය මොකද්ද ...? දවසක් මේ සම්බන්ධ පුහුණු පන්තියක් ගාල්ලේ තියනවා කියල නෝටිස් කරලා තියනවා මං දැක්කා . මොනවද දන්නේ නැ, මේ සදහා තියන විෂය මාලාව 
     දේශපාලන සම්බන්ධයක් තියන අයටත් , මේ තනතුර ගන්න පුළුවන්ලු, ඒ කියන්නේ කවුද මේ තනතුර පිරිනමන්නේ...?   ගෙදර රස්සාවක් නැතිව ඉන්න අයටත් ඒ ගොල්ලන්ට කියල මේ තනතුර ගන්න පුළුවන්ලු. වෙලාවකට හරි පහසු තනතුරක් කියලයි  මට හිතෙන්නේ . 
සාම විනිසුරුවරයෙකු උනාම ලබා දිය යුතු සේවාවන්  හා කර්තවයන් මොනවාද යන්නත්, සමාජය දැනුවත් කරන්නේ නම් හොදයි කියල මට හිතුන. මං හිතන්නේ මේ ගැන දන්නා අය සිටි නම් අපිව දැනුවත් කරන ලෙස ඉල්ලනවා .

15 comments:

  1. YA Deshaka (දිවයිනටම සාම විනිසුරු)

    ReplyDelete
    Replies
    1. http://www.justiceministry.gov.lk/index.php?option=com_content&view=article&id=283&Itemid=165&lang=en

      Delete
    2. justice of the peace ..... ඔන්න බැලුව දෙෂකතුමනි .....ඔක්කොම විස්තර එකේ තියනවනේ thanks

      Delete
  2. මම දන්නා කොටස කියන්නම්... මගේ මාමා කෙනෙක් හිටියා මේ තනතුර දරපු
    සාම විනිසුරු කියන තරතුර ගරු තනතුරක්. සහතිකයක මුල් පිටපත් ඇටෙස්ට් කිරිල්ලට අමතරව ( ඒ කියන්නේ ඔරිජිනල් ලියවිල්ල බලා එය සත්‍ය පිටපතක් ලෙස සහතික කරන එක) විභාග ආදියෙහිදී නම් ඉදිරිපත්වන කෙනා සහ අයදුම්කරු සහතික කිරිල්ල කරනවා. කොටින්ම කිව්වොත් මුලික කාරනා වලදී අවශ්‍ය සහතික කිරීම් ලබාදීමේ බලය තිබෙනවා.

    මිට අමතරව පළාත් වශයෙන් තිබෙන සමථ මණ්ඩල සාමාජිකයෙක් විදියට සමථ මණ්ඩලයට එන පැමිණිලි විභාග කරනවා. සමථ මණ්ඩල කියන්නේ පොලිසියට යන ජාතියේ පැමිණිලි, උසාවියට යන්න නොදී සමාදානයට පත්කරගන්න උපකාර කරන තැනක්. එහිදී ඔය පොඩි පොඩි පැමිණිලි ( සොරකම්, වංචා, පොඩි ආරවුල් ආදිය) උසාවිය දක්වා යන්න නොදී සමාදාන කරනවා. මෙය වැදගත් කොටසක් ඉටු කරනවා කියල මගේ මතය නම්. මොකද මෙතැනදී කිසිම පැත්තක් නොගන්නා තුන්වෙනි පාර්ශවයක් පැමිණිල්ලට සම්බන්ධ වෙලා දෙපැත්තටම සාධාරණ/ වැඩි අසාධාරණයක් නොවන සමතයකට පැමිණිල්ලෙන් නඩුවක් දක්වා වැඩෙන අනවශ්‍ය කාලය, ධනය නාස්තිය අවම කරනවා වගේම උසාවියේ බර අඩු කරනවා. මෙය සති අන්තයේ තෝරාගත් පාසලක/පන්සලක වගේ පොදු තැනක පවත්වන්නේ.

    මම දන්නා තරමින් නම් ( අපේ මාමා) මෙයට අයදුම් කරන්න පුළුවන් රාජ්‍ය සේවයේ වසර ගණනාවක් හිටපු වැඩිහිටි අයට ( වයස නම් දන්නේ නැහැ) විභාගයක් පවත්වලා තමයි තෝරාගන්නේ. පොඩි ගානක් ගෙවනවා දිරි දීමනාවක් විදියට. පුහුණු සැසි වරින්වර පැවැත්වෙනවා. පොඩ්ඩක් කවුන්සලින් වගේ වැඩක්.

    මම කිව්වේ වෘතිය ගැන. නමුත් දේශපාලන හයිකාරකමට මේ පට්ටම දෙනකොට නම් ඔය කියව ඒවා හරියටම වෙන්නේ නැහැ කියලයි මගේ අදහස. ඊටත් වඩා නොදන්නා අයගෙන් මුදල් අයකරලා සහතික දෙන එකට ( ඇටෙස්ට් කිරිල්ල) වෘතිය ධර්ම වලට පටහැනියි මම දන්නා තරමට.

    මෙය නිහඬ සේවයක් කරන තනතුරක්. හැබැයි දැන් පඳුරකට ගැහුවොත් දුසිම් දෙකක් විසිවෙන තත්වෙට වැටිලා.

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා විස්තර ඔයාගේ එකෙන් බලා ගත්ත, ඒත් දැන් සාම විනිසුරු හැමෝටම සමත මණ්ඩලයට යන්න බැ, ගන්නේ නැ. මේ දෙකම එක්කෙනෙක් කරනවා නම් එයා වංචාකාරයෙක් නොවේ. නියම සමාජ සේවකයෙක්. මුදලට මේ තනතුර පාවා දෙන අය වැඩියි. උපේක්ෂා.

      දැන් ඉන්නේ වැඩිපුර නම්බුවට ගත්තු අය, මේකෙන් කරන නීතිමය කාරණා කරන්න ගිහින් සමහරු අමාරුවේ වැටෙනවා. . ඉස්සරහට මේක වෙනස් කරන්න ඕන යහ පාලනයකට.

      Delete
  3. අපේ අදහසත් මෙහෙම ලියන්නම් නිහිංසා...............

    මේ තනතුර දැනට භාවිතා කරන්නේ සමාජමය පිළිගැනීමක් අැති බව පෙන්වීමට බව සත්‍යයකි... ඒය දේශපාලනික සගයින්ටත් දෙනවා.. ඒක අැත්ත... ඒ විතරක් නෙමෙයි මහා ලොකුවට හොර මැරකම් කරගෙන ඉන්න අයටත් මේක දීලා තියෙනවා.....

    ඒත් අැත්තට ම මේ තනතුර මහා සමාජ කාර්යයකට භාවිතා කළ හැකිය. මෙමගින් සමාජය බුද්ධිමය පාලනයකටත් නතු කළ හැකිය.. බුද්ධිමත් වගේම අත්දැකීම් බහුල පිරිස යොදා ගනිමින් සමාජමය සංවර්ධනය උදෙසා මෙම තනතුර භාවිතා කළ හැකිය... ඒත් දැන් තියෙන ඒක මේකට ගලපන්න බැරි වේවි........... (සැබෑම උවමනාවෙන් සහ කැපවීමෙන් මෙම තනතුර කරනා අතලොස්ස ගැන ඉහතින් කියැවෙන බවක් නොසිතන්න)

    ReplyDelete
    Replies
    1. ඔව්..... කුරුටු..... බුද්ධිමය පාලනයකට මේ තනතුර නතු කල යුතුයි. අර පදුරු වලින් විසි වෙච්ච අය අයින් කරලා සැබෑ සමාජ සේවකයන්ට මෙය දිය යුතුය. තනතුර ගෞරවනීය විය යුතුයි.

      Delete
  4. මං හිතං හිටියේ උඹ දන්නව ඇති කියල

    ReplyDelete
    Replies
    1. නොදන්නවත් නෙමේ. මට ඕන දන ගන්න, මේ තනතුර දැන් යන ක්‍රමය , දිශානතිය හොයා ගන්න, මොකද පහුගිය කාලයේම මේ තනතුර බහුතරයකට පිරිනැමුවේ, දේශපාලන අනුග්‍රහයට පමණයි, අදහස් විමසුවේ ඒකයි අටම්. මේ ගොල්ලන් දිව්රුම් දෙන්න මෙහෙ එනව. මං ඒගොල්ලන්ගේ විස්තර දන්නව, මේ පළාතේ විතරක්.

      Delete
  5. අපේ තාත්තටත් ඔය JPමුදි පට්ටමක් තියනවා. හප්පා ඕකෙන් හම්බවෙන මගුලක් නෑ .. මට මල කරදරේ දිවුරුම් ප්‍රකාශ ටෙම්ප්ලේට් ප්‍රින්ට් කරලම මගේ ප්‍රින්ටරේ කාට්‍රිජ් එක ඉවරයි. උදේ දවාලක් නෑ එක එකා එනවා සහතික ගෙනියන්න. එන එවුන්ට ගෙදරින් දෙන තේ එකේ ඉඳන් පාඩුමයි වෙන්නේ. අහල පහල තව එවුං ඉන්නවා. උන්ට හරියට ලියුමක් වත් ලියාගන්න බැරි නිසා මෙහෙ මයි එන්නේ. තාත්ත සතපහක් වත් ගන්නේ නෑ ඔය වැඩ වලට. මුද්දර නැත්තං මුද්දරත් නිකං දෙනවා. එයාට එකෙන් වෙන එකම ලාභෙ තමයි ලොකුවට එ ගැන පම්පෝරි ගහන්න පුළුවන් වෙලා තියන එක.

    ReplyDelete
    Replies
    1. ඔව්..... මිතුර.....හරියට කරන කෙනා අතිනුත් පාඩු කරන් තමයි කරන්නේ. ඒ අය අතලොස්සයි ඉන්නේ. ඒක තමයි, නියම සේවය. සමාජයට වෙන්න ඕන. නොදැනුවත් අය දැනුවත් කිරීම, උදව් කිරීම, එහෙම අය ගෞරවනීයයි.

      Delete
  6. මම දන්න තරමට සාමවිනිසුරු කමක් පිරිනමන්නෙ අදාළ ප්‍රදේශයේ සිටින රජයේ සේවකයකු වී සිටි උගත් බුද්ධිමත් එමෙන්ම ආදර්ශමත්, වැරදි නැති, දූෂණ වංචා නැති සාධාරණ මනුස්සයෙක්ට. ඒකයි විභාගෙකට, ඇඩ්මිෂන් එකකට වගේම සහතික, සහතික කරවා ගැනීමටත් ඔහුගේ අත්සන පිළිගන්නෙ. ඒකෙන් අදහස් වෙන්නෙ, ඔහු බොරු නොකියන වංචා නොකරන අදාළ කාරණය පිළිබඳව සහතිකයක් දිය හැකි විශ්වාසකටයුතු පුදගලයෙක්. එමෙන්ම මේක ගරු තනතුරක්, ඒ කියන්නෙ සමාජ සේවයක් වගේ දෙයක්. ඒ නිසා ඔවුනට වැටුප් ගෙවන්නෙ නෑ, ඒවගේම අපි ඔවුන්ට මුදල් දිය යුතු නෑ. මොකද ඔහු මුදලට සේවය නොකරන සමාජ සේවකයෙක්. ඔහු මුදලට සහතික දෙන්නෙ නෑ. හරි විදියනම් ඒකයි.

    ReplyDelete
    Replies
    1. සමහරු මේ තත්වය වෙනස් කරලා මනොෂ්.....පහුගිය දිනවල නම්බුවට විතරයි මේක ගත්තේ.

      Delete
  7. CJ ට මොන JP ද??

    ReplyDelete
    Replies
    1. එයාට වගේම ඔයාටත් ඒක තිබුනද සීජේ.....

      Delete