Friday, January 9, 2015

හුදෙකලාව සහ සිප වැළද ගැනීම

     

       
        කාර්යබහුල ජිවිත ගත කරන අපගේ ජිවිත තුල දැනෙන සංවේදනාවන් අඩු බව සමහර ගැටළු දෙස බැලීමේදී පෙනී යන කරුණකි. මනුෂ්‍ය ජිවිතයට අත්විදීමට අවශ්‍ය ස්පර්ශයන් නොලැබීමෙන් මේ තත්වය උද්ගත වන බව පෙනේ. 
     අන්තර් පුද්ගල සම්බන්ධතා ගිලිහි යාම මෙයට හේතුවී ඇති බව මේ අනුව අවබෝධ වේ. මනුෂ්‍ය ස්පර්ශය ප්‍රතිකාරාත්මක ලෙස සුවය සදහා හේතුවන බව අප නොදන්නවාට ..... දැන්වත් වටහා ගත යුතුය. 
    හුදකලාව ජිවත් වන සමහර පුද්ගලයන් විකල්ප ක්‍රමවේදයක් ලෙස සුරතල් සතුන් ඇති කරන්නෙත් , මේ හේතුව නිසා බව අපට වටහා ගත හැක. 

      මානසික පීඩනය අවම කරමින්, මෙවැනි සංවෙදනමය ක්‍රියා තුලින් යහපත් දිවි පැවැත්මක් සලසා ගත හැකි බව මේ අනුව පෙනේ . 
   මෙම ක්‍රියාදාමය සාක්ෂාත් කර ගැනීම උදෙසා, විවිධ අත්හදාබැලීම් හා පර්යේෂණ සිදු කර ඇත. සිප වැළද ගැනීම් හා සුරතල් කිරීම්, බොහෝ සෞඛ්‍ය ප්‍රථිපල අත්කර දෙන බව මෙම පර්යේෂණ වලට අනුව ඔප්පු වේ . 
     දරු ගැබ් දැරීම, සමාජ සම්බන්ධතා, දරු ප්‍රසුතිය හා ලිංගික සේවනය සදහා මාංශ පේශීන් ශක්තිමත් කිරීම හා අලුත්වැඩියාවට අවශ්‍ය [oxytocine] හෝමෝනය නිපද වෙන්නේ මේ සංවේදනාවන් ඔස්සේය. 
    එමෝරි විශ්වවිද්‍යාලයේ විද්වතුන් විසින් 1999 දී, මේ අනුව මෘදු ලෙස ශරීර ස්පර්ශනය මගින්  ආතතිය හා මානසික අවපීඩනය වැනි තත්වයන් අඩු කර ගැනීමට හැකියාව ඇති බව සොයා ගන්නා ලදී. 
       මේ තත්වයන් ආදර්ශයට ගනිමින් ජැකී සැමුවෙල් නම් තැනැත්තියක විසින්  2012 දී නිව්යෝක් , රෝචෙස්ටර් හිදී ,[ the snugrey ] නමින් ස්පර්ශය ලබාදීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. දිනකට පුද්ගලයන් 30 කට සේවය සලසමින් , දිනක අදායම වශයෙන්, පවුම් 30 ක් ඉපද්දීමට ඇය සමත් විය. 
      ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ කාමෙල්හි වාසය කරන ලීසා කෙලි ද, මෙවැනිම ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ඇයගේ සේවය වුයේ, හුදෙකලාවෙන්, තනිකමින් පෙළුණු අය සිප වැළදගෙන සුරතල් කොට ඔවුන්ගේ සිතේ සහනය හා සතුට වැනි සුවදායක හැගීම් ඇති කිරීමයි.                  
             විනාඩි 30 ක කාලයක් සදහා කරන මෙම ක්‍රියාවලිය සදහා ඇය පවුම් 35ක් අය කරනු ලබයි. දරුවන් දෙදෙනෙකුගේ මවක් වන ලීසා , ගනුදෙනුකරුවන්ගේ නිවෙස් වලට ගොස්, විවිධ ඉරියව් වලින් ස්පර්ශ කොට තම සේවය සලසයි. 

       විවේචකයන්ගේ මතය වන්නේ ලීසා කරන මෙම ක්‍රියාව ගණිකා වෘත්තීය ආසන්නයේම , ඊට පියවරක් පසුපසින් ඇති එකක් බවයි. මේ හේතුවෙන් ඇයගේ පවුල අපහසුතාවයන්ට ලක් වන බව ඔවුන් පෙන්වා දේ. 
      ලීසා කියන්නේ, තමාගේ ප්‍රතිකාර ක්‍රමය කිසිසේත්, ලිංගික සේවයක් නොවන බවයි. මෙම සේවාවට ඇයගේ කොන්දෙසිද ඇත. ගනුදෙනුවේ දෙපාර්ශයම පිරිසිදුකම හා ප්‍රමාණවත් සෞඛ්‍ය මට්ටම රැක ගත යුතුය. 
   ආරක්‍ෂිත පියවරක් වශයෙන්, සිප වැළද සුරතල් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර ලීසා වෙනුවෙන් තෙවෙනි පාර්ශවයක් ගනුදෙනුකරුවා හමුවේ. ඇයට මාරාන්තික නොවන ආයුධයක් ඇය සන්තකයේ තබා ගෙන ගනුදෙනුකරු හමුවීමට හැකියාව ඇත. 
       සියළු කාරනා සැලකිල්ලට ගැනීමේදී, පුද්ගල අන්තර් සබදතා නිසි අයුරින් පවත්වන පුද්ගලයන් හට මෙවැනි සේවාවන් අවශ්‍ය නොවන බව මගේ හැගීමයි. 

15 comments:

  1. ///"විවේචකයන්ගේ මතය වන්නේ ලීසා කරන මෙම ක්‍රියාව ගණිකා වෘත්තීය ආසන්නයේම , ඊට පියවරක් පසුපසින් ඇති එකක් බවයි"" // කියවද්දී මටත් හිතුනේ ඕකමයි

    ReplyDelete
    Replies
    1. ඉවාන්..... මිනිසුන් අතර නිවැරදි අන්තර් සම්බන්ධතාවයන් ගොඩනැගෙන්නේ නැති වෙනකොට තමයි, ඊට විකල්ප ලෙස මෙවැනි රැකියා බිහිවෙන්නේ, ඒ කියන්නේ ඒ සදහා ඉල්ලුමක් තියන විට සැපයීමක් නිර්මාණය වෙනවා නේ....

      Delete
  2. Replies
    1. මාරු තමයි..... ආචාර්යතුමෝ......

      Delete
  3. ඒකත් බලාගෙන යද්දී මරු වැඩක් තමයි.. අනික් මිනිස්සු ඉතින් කොහොමත් දෙයක් විවේචනය කරන්න දක්ෂයිනේ..

    ReplyDelete
    Replies
    1. විවේචන කෙසේ වෙතත්.... මේ ක්‍රියාවේ..... ගැඹුරු අර්ථයක් තියනවනේ දිනේෂ්...... අපි එච්චර හිතන්නේ නැති.

      Delete
  4. වැහ් ඉස්සෙල්ලම කියවද්දි මාතෘකාවේ "දෙ" යන්න දැක්කේ නෑනේ.. සමාවෙන්න ඕන..

    කොමෙන්ට් කරන්න වෙලාවක් නෑ දැං යන්න ඕන සිපගන්න..

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. දැන්.... ඉතින් ... සිජේ..... 'දෙ' තියනවනේ.....ඔය මේක හොදටම හිතට ගත්ත වග නම් තේරුණා....

      Delete
  5. නිහිංසත් දන්න දේවල්.............. ලංකාවේ නැද්ද ඔය වටිනා සේවය

    ReplyDelete
    Replies
    1. මට මතක් උනේ ...කුරුටු.... ලංකාවේ තියෙන්නේ.... මේ විදියටනේ...... මසාජ් ක්ලිනික්.....ඒකත් ටිකක්.... මේ ක්‍රියාවට ලගයිනෙ......

      Delete
  6. අනේ මංදා.. මටනම් හිතෙන්නේ මේක ලීසගේ ගැටයක් කියලා.. පිට ගෑනියෙක් ඇවිත් පැය බාගෙකට අතගාල ඉඹල ගියා කියල පිරිමියෙක්ගේ කාංසිය එහෙම නැතිවෙනවනම් මොකටද කසාද බැඳල ලමයි හදාගෙන දුක් විඳින්නේ? මේක හොඳයි වෛශ්‍යාවකට මං එහෙම නොවෙයි කියන්නයි, වෛශ්‍යාවක් ඇසුරු කරන එහෙකුට ඒක සධාරණීකරණය කර ගන්නයි නම්.. මටනම් එහෙමයි හිතෙන්නේ නිහිංසෝ..

    ReplyDelete
    Replies
    1. එසේය...... මිතුර ... මං හිතන්නෙත් තාවකාලික වින්දනයකින් කොහොමද පාළුව නැති කරන්නේ .... මේක තමන් තමන්ව රවටා ගැනීමක් වගේ...... මේදේ තුල වටිනාකමක් මට දැනෙන්නේ නැ.
      ඒත්..... පවුල තුල නම් මේක හුගක් වටිනා ක්‍රියාවක්.

      Delete