සාම විනිසුරු තනතුර කියන්නේ මොකද්ද කියල , මං අපේ blog මිතුරන්ගෙන් අහන්න ඕන කියල හිතුව. පහුගිය දිනවල දිවයින තුල වැඩි සංඛ්‍යාවකට මේ තනතුර හම්බ උනා. මුළු දිවයිනටම හා එක්තරා බල ප්‍රදේශයකට පමණක් දිවුරුම් දුන් අයත් මේ අතර හිටිය. වැඩිපුරම ඒ දවස් වල නම් හිටියේ වැඩිහිටි අය. කාන්තා , පිරිමි දෙකොට්ඨාශයම නියෝජනය වෙමින් සාම විනිසුරු තනතුර සදහන් බෝඩ් ලැලිත් එල්ලලා තියනවා මම දැක්කා.
අධිකරණයක් හමුවේ දිවුරුම් දෙමින් , ශ්‍රීලංකා රාජ්‍යයේ ඒකීයත්වය රකින බවට ගෞරවනීය ලෙස දිවුරුම් දී, සමාජ මෙහෙවරක් කරන බවට සපථ වී එන මේ නිලධාරීන් සමාජය වෙනුවෙන් කරන්නේ මොනවද....? ඇත්තෙන්ම ඔවුන්ගෙන් සමාජ මෙහෙවරක් ඉටු වෙනවාද...... ? කියන එක හොයන්න වටිනා වැඩක්, මොකද වැඩක් කරන්න ඉන්න පිරිසගෙන් අපි වැඩක් ගන්න ඕනනේ.
මට මතකයි මං විභාගෙකට අත්සන් කරන්න හුගක් ඉස්සර දවසක සාමදාන විනිසුරුවරයෙක් මුණ ගැහෙන්න ගියා. මගෙන් ගාස්තුවක් ගත්තේ නැති උනාට, එයා වෙන අයගෙන් නම් සල්ලි ගන්නවලු. මේක මුදලට කරන ව්‍යාපාරයක්ද....? අර ...... ආගමන විගමන එක ලග කඩ දාගෙන , රට යන අයට දිවුරුම් පෙත්සම් එහෙමත් , සකස් කරන සේවාවක් තියනවා කියල, මං දවසක් පත්තරෙන් දැක්කා. ඇත්තටම මේ සේවාවේ නියම අර්ථය මොකද්ද ...? දවසක් මේ සම්බන්ධ පුහුණු පන්තියක් ගාල්ලේ තියනවා කියල නෝටිස් කරලා තියනවා මං දැක්කා . මොනවද දන්නේ නැ, මේ සදහා තියන විෂය මාලාව
දේශපාලන සම්බන්ධයක් තියන අයටත් , මේ තනතුර ගන්න පුළුවන්ලු, ඒ කියන්නේ කවුද මේ තනතුර පිරිනමන්නේ...? ගෙදර රස්සාවක් නැතිව ඉන්න අයටත් ඒ ගොල්ලන්ට කියල මේ තනතුර ගන්න පුළුවන්ලු. වෙලාවකට හරි පහසු තනතුරක් කියලයි මට හිතෙන්නේ .
සාම විනිසුරුවරයෙකු උනාම ලබා දිය යුතු සේවාවන් හා කර්තවයන් මොනවාද යන්නත්, සමාජය දැනුවත් කරන්නේ නම් හොදයි කියල මට හිතුන. මං හිතන්නේ මේ ගැන දන්නා අය සිටි නම් අපිව දැනුවත් කරන ලෙස ඉල්ලනවා .