Friday, December 26, 2014

චීනයේ ඉතිරි වූ ගැහැණු.....


           චීනයේ සංඝණන වාර්තා වලට අනුව වාර්තා වන්නේ අවුරුදු 25 ත් 29 ත් අතර සිටින කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයකු අවිවාහකව සිටින බවයි. 
           මේ වයසේ පසුවන පිරිමින් සැම විටම උත්සහ දරන්නේ , වයසින් අඩු හා තමන්ට වඩා උගත්කමින් අඩු කතුන් හා විවාහ වීමටය. චීනයේ පවතින මේ විවාහය පිළිබද අසමමිතික තත්වය හා කාන්තාවන්ගේ අවිවාහකව සිටීමේ ගැටළුව නිසා, රජය විසින් විශේෂ පියවර ගැනීමට සිදුව ඇත.
          මෙම උගත් කාන්තාවන්ට සහකරුවන් මුණ ගැස්වීමට , විශේෂ අවස්ථා සංවිධානය කර ඇත.බොහෝ විට පිරිමි සහකරුවන් කලහකාරී කිරීමත්, කලබල කිරීමත් මගින් ඔවුන් ඉක්මනින් විවාහ දිවියට ඇතුල් කිරීමට රජය උත්සහ දරා ඇත.
           මෙම ඉතිරි වූ ගැහැණු ප්‍රිය මනාප, හොද රැකියා වල නියුක්ත හා උපාධිධාරී  උවද ගැලපෙන සහකරුවන් මුණ නොගැසිමෙන්, ඔවුන්ට තනිව සිටීමට සිදුව තිබෙනවා. 
           මේ හේතුවෙන් පළමුව පවුල තුල කොන්විමද , මාද්‍ය මගින් මේ ගැන දිගින් දිගටම විවේචන එල්ල වීමෙන්ද මේ කාන්තාවන් දැඩි පීඩනයකට ලක්ව ඇත. 
           අවිවාහක වයස්ගත කාන්තාවන් පවුල තුල සිටීමෙන් , පවුලේ පිරිමි , මෙය ලැජ්ජාවට කාරණාවක් සේ සිතා, නෑදෑයන් එකතු වන ස්ථාන වලට තම අවිවාහක සොයුරියන් රැගෙන යාමට මැලි කමක් දක්වයි.
             මේ අනුව බලන කල ලංකාවේ තත්වයද මෙබදු යයි මට සිතේ, නමුත් විවාහ කල්පමාව ගැටළුව සදහා නම්, රජය පියවර ගෙන නොමැත. මේ තත්වයට  කාන්තාවන් ලක් වීමෙන්, සමාජ අපචාර නම් වැඩිව ඇතැයි, මෙරට සංඛ්‍යා ලේඛන වලට අනුව වටහාගත හැක. 
      ලංකාවේද චීන රජය මෙන් මේ උපක්‍රමය යෙදුවොත්..... සාර්ථක වෙයිද මන්දා..... දන්නා අය කියන්නකෝ..... විවාහ කල්පමාව , පිරිමි සහකරුවන් කලහකාරී කිරීමෙන් විසදා ගත හැකිද කියා......

22 comments:

  1. අයියෝ.. සිම්පල් නෙ.. ලොක්කට කතා කරල කියමු මෙහෙට ආනයනය කරන්න කියලා.. දෑවැද්දකුත් එක්ක.. ඒ සල්ලි වලින්ම බැරියැ චීනෙට තියෙන ණය ටික ගෙවා ගන්න.. මෙහෙ නීති වෙනස් කරමු 1 ට 7ක් පුළුවන් කියල.. අපේ මාමල (මාත් ඇතුළුව ) කර ගහයි හිටු කියල.. ඈස්චර්යට කොහොමත් අපි මනාපනේ.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. මතකනේ මෙහෙන් ජපානයට ආනයනය කරපු හැටි .... මිතුර....

      Delete
    2. // මෙහෙන් ජපානයට ආනයනය // O.o අපනයනය නේද?

      Delete
    3. ඔඕ........ very sorry...... අපනයනය තමා.......මිතුර.......

      Delete
    4. චයිනීස් වාහනත් නරකම නැහැ............... පැද්දා ම ඉතින් කෝකත් ඒක වගේතමයි..............

      Delete
    5. ඇයි ..... කුරුටු රශියන් and රුමේනියන්.......

      Delete
  2. අර කිව්වා වගේ ලොක්කට කිව්වනම් කට්ටියම මෙහෙට් ගෙන්නලා දෙයි

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ලන් නැති උනාට ඔය තායි පැත්තෙන් ආනයනය කරන ඒවා මදිද ඉවාන්.....

      Delete
  3. කොහොමද දැනගත්තෙ කියන්නකො හොර ගෙඩිය
    .
    .
    .
    අම්මටසිරිපැරකුම්

    ReplyDelete
  4. //විවාහ කල්පමාව ගැටළුව සදහා නම්, රජය පියවර ගෙන නොමැත.//

    මෙව්වට වෙන් කරන්න මොළයක්වත් , වෙලාවක් වත් මේ ආණ්ඩුවට නැහැනේ. මේ ගොල්ලෝ පියවර්ර ගන්නේ ඉතින් තමුන්ගේ මතයට විරුද්ධව කවුරු හරි කා ගැහුවොත් විතරයි නේ. ඔය වගේ එව්වා එයාලට ප්‍රශ්න නවෙයි.
    --------------

    නිහිංසා.
    මම ඔය කතාව අදම තමයි දැන ගත්තේ.

    ඔය ප්‍රශ්නෙට උතරයක් විදියට කිසිම අදහසක් එන්නේ නැහැ නෙව.

    ReplyDelete
    Replies
    1. දෙයියෝ..... මේ ප්‍රශ්නෙට උත්තරේ මෙච්චර කල් බාර දුන්නේ කරුමෙට..... තමයි...... ඒත්.... ඉන් එහාට ගිය විසදුමක් හිතා ගන්න බැ.....

      Delete
  5. ඔන්න ආයේ සැරයක් ටිකක් සිංහල වරද්දලා තියනවා. නරකද ඒ ටික හැදුවොත්. මේ බලන්න, පරිවර්තනයේදී මේ ඡේදය අවුල් සහගතයි.

    //මෙම උගත් කාන්තාවන්ට සහකරුවන් මුණ ගැස්වීමට , විශේෂ අවස්ථා සංවිධානය කර ඇත.බොහෝ විට පිරිමි සහකරුවන් කලහකාරී කිරීමත්, කලබල කිරීමත් මගින් ඔවුන් ඉක්මනින් විවාහ දිවියට ඇතුල් කිරීමට රජය උත්සහ දරා ඇත.//

    උවද, මාද්‍ය, මෙබදු, කොන්විම, වැනි වචනත් නිවැරදි කළොත් හොඳයි.

    නරකට නෙවෙයි හොඳටයි කියන්නේ.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමනි ...... ඡේදය අවුල් සහගත බවක් මට දැනෙන්නේ නැ.....'මාද්‍ය ' වැරදියි...... අනෙක් වචන වල වැරැද්දකුත් මට නොපෙනේ......
      මෙය තව දුරටත් පහදා දෙන්න.

      Delete
    2. මම පෙන්වා දී තිබෙන ඡේදයේ උක්තාඛ්‍යාත යෝගයක් ඇත්තෙම නැත. එය බලවත් වරදක්. බොහෝවිට පිරිමි සහකරුවන් යනුවෙන් පටන්ගන්න වාක්‍යයෙන් කියන්නේ කුමක්ද? ඔවුන් කලහකාරී කිරීමෙන් කාන්තාවන් හොයාගන්නේ කොහොමද? ඔවුන්ව කලහකාරී කරන්නේ කවුද? එසේ කිරීමෙන් විවාහ දිවිය ඉක්මන් කරගන්නේ කොහොමද? ඔබ මෙය ඉංග්‍රීසි ලිපියකින් පරිවර්තනය කළානම් අදාළ ඡේදය මෙහි පලකරන්න. එවිට මම තවත් විස්තර කියන්නම්.

      උවද නෙවෙයි වුවද, උව යනුවෙන් ශබ්ද මූලයක් නැත. මෙබදු නෙවෙයි මෙබඳු, කොන්විම නෙවෙයි කොන්වීම.

      Delete
    3. විචාරකතුමනි...... මා මෙහිදී කර ඇත්තේ, පරිවර්තනයක් නොව අනුවර්තනයකි. මුලික අදහස වෙනස් නොවන පරිදි එය ලියා ඇත.
      මගේ අදහස් ප්‍රකාශනයේදී ඒ තුල වූ බොහෝ දේ විග්‍රහ නොකරයි, අදහස පෙන්වා, මා කැමති ආකාරයට පමණක් විග්‍රහ කරනවා. මේ මගේ ආරය.......කොටසක් හිතේ, කොටසක් blog එකේ, මේ මං ලියන්න කැමති විදිය. ඒක වෙනස් කරන්න අමාරුයි. කාලයක් තිස්සේ එන දෙයක්.

      Delete
  6. මෙහෙමයි ඔය කල්පමාව ගැන ඒච්චර හිතන්න උවමනා නැහැ................. නිහිංසා...........

    කොල්ලෝ කෙල්ලෝ හොයා ගන්න ඒවාට අැගිලි නොගහා හිටියා නම් විස්සටත් කලියෙන් ම වැඩේ කරගන්නවා ෂුවර්..................

    ReplyDelete
    Replies
    1. ඔව්..... කුරුටු මෙහෙ 20 අඩුවෙන් ඕව බෑ කියල අම්මල කියනවනේ...... ඉතින්... වැටෙන එකත් වට්ට ගන්න බලන්නේ නෑ .... ඒකයි මේ කල්පමාව.....

      Delete
  7. තාමත් අපේ ගම්වල හොයල බැලුවොත් අවුරුදු හැට හැත්තෑවෙ කන්‍යාවියො ගොඩක් ඉන්නවා. එක්කො ඉස්සර කලිසම් කාරයින්ව හොය හොය ඉඳලා නැත්තම් තත්වෙට ගැලපෙන එව්වා හොයල හොයලා අන්තිමේ ගෙදරටම නාකි වෙලා.

    කොහොමත් චීන වාහන පදින්න පුළුවන් ටික දවසයි. ෆිනිෂින් එක පට්ට අවුල්. එන්ජිම ලතෝනි දෙනවා සද්දෙ වැඩියි. අඩුවට අරං වැඩියෙන් විඳවනවට වඩා අපි ඇල්ටො ම ගේමු. ඉස්සර රජවරුත් උස්සන් ආවෙ ඉන්දියාවෙන්නේ හැක් හැක්

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වම කිචියෝ..... අපේ ගෑනුන්ට මොකද වෙන්නේ...?

      Delete