Saturday, August 23, 2014

ප්‍රජා පාදක විශෝධනය අවශ්‍ය ඇයි....?



ශ්‍රීලංකා නීති කොමිසම සහ ඕස්ට්‍රේලියානු රජය මැදිහත්වීම තුලින් 1988 වර්ෂයේදී ප්‍රජා පාදක විශෝධන ක්‍රමය මෙරට හදුන්වා දෙන ලදී  එහි ප්‍රථිපලයක් ලෙස 1999 අංක 46 දරන ප්‍රජා පාදක විශෝධන පනත සම්මත කරන ලදී මෙම පනතට අනුව අවුරුදු දෙකක් නොඉක්මන බන්ධනාගාර ගත කිරීමට නියම කර ඇති සිරකරුවන්ට හෝ රුපියල් 5000 ට අඩු මුදලක් නියම කොට අදාල දඩ මුදල ගෙවා ගැනීමට නොහැකි වන පුද්ගලයකු දඩ මුදල නොගෙවීම වෙනුවෙන් සිරගත කිරීම වෙනුවට ප්‍රජා විශෝධන නියෝගයකට යටත් කිරීම සිදුකල හැකි බැව් පෙන්වා දෙන ලදී  '

 බන්ධනාගාරය මගින් නිකුත් කරනු ලබන වාර්ෂික වාර්තා වලට අනුව බන්ධනාගාර ගත වන්නන් වැඩි බහුතරයක් සුළු වැරදි සදහා කෙටි කාලයක් වෙනුවෙන් බන්ධනාගාර ගත වුවන් සහ සුළු දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගත වුවන් වේ

එක්රැදවියකු නඩත්තු කිරීම සදහා රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇති අතර එම වැය කිරීමට සිදුවන මුදල ඔහු විසින් රජයට ගෙවිය යුතු දඩ මුදලට වඩා කිහිප ගුණයකින් වැඩිවීම දැකිය හැක 




පුද්ගලයකු බන්ධනාගාර ගත වීම තුලින් ඔහුගේ පවුල් ඒකකයට සිදුවන ආර්ථික හා සමාජීය බලපෑම අතිමහත් වන අතර එය මුල්‍යමය වශයෙන් ගණනය කිරීමේ හැකියාවක් නැත

 ශ්‍රිලංකාවේ බන්ධනාගාර ගතවී සිටින අපරාධකරුවන් ගෙන් බහුතරයක් පහල අද්‍යාපන මට්ටමකින් යුක්ත වුවන් වෙති බන්ධනාගාර ගත වන්නන්ගෙන් බොහොමයක් ඔවුන්ගේ පවුලේ ප්‍රධාන හෝ එකම අදායම් උපයන්නා වීම සහ බොහෝ දෙනෙකු දිනක  වැටුප් මත යැපෙන පුද්ගලයන් වන නිසා එතුලින් ඇතිවන සමාජ ආර්ථික බලපෑම සමාජ විද්වතුන්ගේ අවදානයට යොමු නොවීම ඉමහත් අවාසනාවන්ත තත්වයකි 

එවැනි තත්වයන් යටතේ යම් පුද්ගලයකු බන්ධනාගාර ගතව සිටින කාලය තුලදී ඔහුගේ යැපෙන්නන් තම ජීවිතය පවත්වා ගෙන යාමට විවිධාකාර නීති විරෝධී ජිවනොපයන්ට යොමුවීමේ ප්‍රවනතාවයක්ද ඇති බැව් විද්‍යමාන වේ සුළු වැරදි සදහා බන්ධනාගාර ගත වන මෙවැනි පුද්ගලයන් බන්ධනාගාරයේ සිටින බරපතල අපරාධකරුවන්ගේ වහළුන් ලෙස සිරගත වූ කාලය තුලදී සේවය කරන බැව්ද  නිරීක්ෂණය කල හැක 

තවද රටේ විවිධ ප්‍රදේශ වලින් පැමිණෙන බරපතල ගනයේ අපරාධකරුවන් සමග බන්ධනාගාරය තුලදී ඇතිවන සමීප සම්බන්ධතාවයන් හේතු කොට ගෙන මේ පුද්ගලයින් බරපතල ගනයේ අපරාධ සිදු කරන්නන් හට අවශ්‍ය කරනු ලබන තොරතුරු සපයන පුද්ගලයින් සහ ඔවුන්ගේ ගෝලයන් ලෙස ක්‍රියා කරන අවස්ථාද නිරීක්ෂණය වේ 

  මේ අනුව සංවිධානාත්මක අපරාධකරුවන් හට තම ජාලය පුළුල් කර ගැනීමේ අවස්ථාවන්ද බන්ධනාගාරය තුලදී  සකස් වී අත එමෙන්ම සුළු වැරදි සදහා බන්ධනාගාර ගත වුවන් බරපතල ගනයේ අපරාධකරුවන් සමග තම අත්දැකීම් හුවමාරු කර ගැනීමෙන් ඔවුන්ද බරපතල අපරාධ කිරීමට අවශ්‍ය තාක්ෂණ දැනුම ලබා ගනිති මෙම තත්වය හේතු කොට ගෙන බොහෝ සමාජ විද්වතුන් බන්ධනාගාරය අපරාධකරුවන්ගේ විශ්ව විද්‍යාලය ලෙස හදුන්වයි

 සුළු දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව යම් පුද්ගලයෙක් බන්ධනාගාර ගත වුවද ඔහු නැවත සමාජගත වීමේදී ඔහුට මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ටද විශාල සමාජමය ගැටළු රාශියකට නිතැනින්ම මුහුණ දීමට සිදුවේ 

බන්ධනාගාර ගත වූවකු ලෙස සමාජය විසින් ලේබල් කිරීමට භාජනය වන පුද්ගලයකු හට සමාජය ඉදිරියේ නිවැරදි පුද්ගලයකු ලෙස තව දුරටත් ක්‍රියා කිරීමේ අවකාශය ඇහිරී යාමෙන් සමාජය තුලින් ප්‍රතික්ෂේප වීම හේතු කොට ගෙන ඒ මගින්  ඔහු නැවත අපරාධ වලට පෙළඹීමේ අවකාශය වැඩිවීය  

  මෙවැනි හේතුන් මත ශ්‍රී ලංකාවේ නීති කොමිසම විසින් ගැටළුකාරී තත්වයන් මගහැර සුළු වැරදි කරන පුද්ගලයන් සමාජයේ සිටියදීම නැවත එම වැරදි කිරීම අවම කිරීම සහ වැරදි සිදු කිරීමෙන් වැලැක්වීම තුලින් පුද්ගලයා යහපත් පුරවැසියෙකු ලෙස සමාජ ගත කිරීමේ පරමාර්ථයෙන් ප්‍රජා විශෝධන ක්‍රමය ආරම්භ කරන ලදී 

  මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය විසින් පහසුකම් සලසා   පුනුරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව ආරම්භ කොට දිවයිනේ සැම මහේස්ත්‍රාත් අධිකරනයකම ප්‍රජා විශෝධන  කාර්යාලයක් පිහිටුවා ඇත 

17 comments:

  1. නිහිංසා මීට කලිනුත් ප්‍රජා විශෝදනය ගැන ලිපියක් ලිව්වා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ..... ඉවාන්.. ඒ දෙපාර්තමේන්තුව මගින් කරන ලද එක් සමාජ සත්කාරයක්..... මේ දෙපාර්තමේන්තුවේ ආරම්භය හා නීතිමය තත්වය හා ප්‍රජා විශෝධන වැඩසටහන ආරම්භ කිරීමට හේතු.....

      Delete
    2. ඉවාන් ... මේ link එක http://nihinsa777.blogspot.com/2014/06/blog-post_11.html ..

      Delete
  2. බොහොම වටිනා වැඩක්...

    ReplyDelete
  3. අපරාදකාරයින්ට තමුන් තනිවෙලා නැහැ කියලා දැනෙන්න එයාලයි කන්ඩායමේ අධ්‍යාපනික පසුබිම සහ ඔවුන්ට අවශ්‍ය වන අපරාධ සඳහා වන මුවහත් වීම සඳහා වන කදිම අවකාශයක් තමයි හිරගෙදර..ඒ මගින් සමාජයේ අපරාධකරුවන්ගේ මානසික පීඩනය අඩුවෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව්.... අමිල ඔවුන්ගේ සිතගියාවන්ට ගැලපෙන කොටස තමයි බන්ධනාගාරය තුල ඉන්නේ....ඒ නිසා යම් තරමකින් මානසික පීඩනය අඩු උනත් , ඒක වැරදි පුර්වාදර්ශයක්. ඒ නිසයි.... මේ සුළු වැරදිකරුවන් ඔවුන්ගෙන් ඇත් කර තබන්න උත්සාහ ගන්නේ....

      Delete
  4. දැං නං සුළු වැරදි වලට හිරිගත නොකර ඒ අයව සමාජ සේවයෙ යොදවනව නේද...(ප්‍රජා විසෝදනය කියන්නෙ ඒකෙම කොටසක් වගේද)
    සමහර විට ඒකට ගාණක් ලැබෙනවද දන්නෙ නං නෑ...
    වටින කියන ලිපියක් නිහිංසා
    ස්තූතියි අපි වෙනුවෙන් මේ වගේ දෙයක් ඉිදිරිපත් කලාට

    ReplyDelete
    Replies
    1. මහේෂ්..... සමාජ සේවයේ නොවේ..... ඔවුන් යොදවන්නේ .....ප්‍රජා විශෝධන නියෝගයේ එක් කොන්දේසියක් ලෙස ප්‍රජා සේවයේ යොදවනවා. මේකේ තේරුම ප්‍රජාවේ සිටම තම විකල්ප දඩුවම ක්‍රියාත්මක වීමයි.
      .... ප්‍රජා සේවය අවසන් වන තෙක්, ඔවුන්ට ගෙවීමක් කරන්නේ නැ. එම වැරැද්ද වෙනුවෙන් රජයට ලැබිය යුතු දඩ මුදල වෙනුවටයි .....ප්‍රජා සේවයේ යෙදෙන්නේ.
      මහේෂ්..... මෙහෙමයි මේ නියෝගය ලබා ගන්නේ,
      වරදක් කලාම , පොලිසිය මගින් , අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ලැබෙන දඩුවම් ක්‍රම 3ක් තියනවා, වරදකරුට හැකියි, තමන් කැමති දඩුවම තෝරා ගන්න.

      1 සිර දඩුවම
      2 දඩය
      3 ප්‍රජා විශෝධන නියෝගය

      මෙය අත්හිටවූ සිර දඩුවම් සදහාද ඉල්ලුම් කරන්න පුළුවන්

      Delete
  5. නීතිය පිලිබඳ දැනුම නම් අල්පයි, නිකන් මැජික් වගේ අක්කේ, මේ එක නෙවේ කෝ හලේ මේකේ නැවතීමේ තිත්? :D. (විහිළුවක්) තමන් වරදක් නොකර සීටීමට හැකිතාක් උත්සාහ ගැනීම තමයි මගේ නම් ප්‍රතිපත්තිය. වටින ලිපියක්, නොදන්නා සබ්ජෙක්ට් එකක්නේ. ගොඩක් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. සොමි.... මේකේ නැවතීමේ තිත් තියන්න , මං මාර fight එකක් දුන්නා..... තියා ගන්න බැ..... මොකද මං මේක කලින් type කරපු එකක් , වෙන සිංග්ලිෂ් එකක , දැන් google input tools වලට ගත්තම , මොකද්දෝ උනා..... අමාරුවෙන් මං මේ ටිකත් ගොඩ ගත්තේ. තිත් නැතුව....

      Delete
  6. සිරකරුවෝද මනුෂ්‍යෙයා්ය කියලා කොහේද ලියල තියනවා දැක්කා..
    ඇත්තටම නොමග ගියවුන් සුමගට ගැනීමේ ක්‍රියාවලිය ප්‍රසංසනීයයි...

    ජ ය වේවා ර්‍!!!

    ReplyDelete
    Replies
    1. එහෙම ලියල තිබුනේ ... වැලිකඩ තාප්පෙනේ..... සි.ජේ.

      Delete
    2. මම ලිපිය කියෙව්වා.දෙපාර්තමේන්තුව කරන්න ඔීන වැඩක් ඔයා තනියම කරන්නේ.මමත් ඔයාගෙන් ඉගනගෙන මේ වැඩේ කරනවා.

      Delete
    3. කාට හරි යහපතක් වෙනවා නම්..... අපි ඒ දේ කරන්න පසුබට වෙන්න ඕන නැ. චන්දන ..... අපි එක්ක තව පිරිසක් අනිවාර්යයෙන්ම ඉන්නවා....

      Delete
  7. වැදගත් දෙයක්. මේක දැන් ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙනද?

    ReplyDelete
  8. ඔව්...... රාජ් අයියා ...... දැන් මේ ක්‍රමය ලංකාව පුරා අධිකරණ වල ක්‍රියාත්මකයි....

    ReplyDelete