Sunday, June 1, 2014

ජෝන් එෆ් , කෙනඩි මියගියමුත් මතකයේ බැදුණු අතීතය







                 තරුණ ඇමරිකන් ජනාධිපතිවරයකු වූ ජෝන් කෙනඩි මියගොස් වසර 50ක් ගත වුවද ,ඇමරිකානුවන් ඔහුව සිහිකරන්නේ දැඩි කම්පාවෙන් යුක්තවයි . ප්‍රසිද්ධ පෙළපාලියකදී ඔහුව ඝාතනය විය . එදත් දේශපාලනය අද වගේම වෙන්න ඇතැයි සිතමි . ඒත් වෙඩි වැදී සිටියදී ප්‍රතිකාර ගත් පාර්ක්ලන්ඩ් රෝහල හා ඔහු සිටි හදිසි අනතුරු කාමරය නම් කාලයක් යනතුරු යම් ගවුරවනිය වටිනාකමකින් යුක්ත ස්ථානයක් බවට පත්විය . ඒ ඔහු ජනතාව පිළිගත් නායකයකු වූ නිසාවෙනි . 

        එහෙත් පාර්ක්ලන්ඩ් රෝහලේ හදිසි අනතුරු කාමරයට පසුගිය දිනවල සිදුවුයේ කුමක්දැයි ලොවට හෙළි කරන්නට සිදුවුණා . මේ වනවිට ඒ කාමරය කුඩා කැබලි වලට කඩා , පෙට්ටි වල අසුරා පොලව යට ගබඩාවක තැන්පත් කර ඇති බව දැනගන්නට ලැබුන .
පාර්ක්ලන්ඩ් රෝහලේ එම කාමරය 1972දී කඩා ඉවත් කරද , සමරු පලකයක් එදා හිදී නිලධාරීන් සාදවා තිබෙනවා . මෙම කාමරය කඩන අවස්ථාවේ රෝහලේ එක් සේවකයෙක් මෙය දැක චායාරුප ගතකොට ඇත . 

         මෙම තීරණය ගැනීමට පෙර අදාල බලධාරීන් රජය සමග බොහෝ සාකච්චා කලද , ඔවුන්ට උවමනාවී ඇත්තේ , නොසුදුසු දේවල් ඉවත් කිරීමයි . මේවා මුදලට විකිනීමට වලක්විමටත් , කෙනඩි පවුලේ අයගේ සිත් රිදවීම් වැලක්වීමටත් ඔවුන්ට අවශ්‍යවී තිබෙනවා . රජය රෝහලට උපදෙස් දී ඇත්තේ , මාද්‍යට පවසන ලෙස ,කෙනඩි පුස්තකාලයට ඒවා ලබාදුන් බව . 

       15 වසරක් , මේවා ෆොර්ට් වර්ත් ප්‍රදේශයේ ගබඩා කර තිබු අතර , දැනට මෙම කොටස් , වසර 19 කට පසු , කැන්සාස් ප්‍රාන්තයේ බිම් මහලක තැන්පත් කර තිබෙනවා . එහෙත් එහි තිබු ගිලන් ඇද , එක්ස් කිරණ උපකරණය අතුරුදන්ව ඇත . ලෝක නායකයකුගේ වටිනකමක අවසානය හා මතක සැමරුම් , මතු පපුරට අවශ්‍ය නොවන බව මෙමගින් ඇමෙරිකානුවන් ලෝකයට නොදැනුවත්වම පවසා ඇත .

4 comments:

  1. මැරිච්ච මිනිස්සුන්ගේ තියා ඉන්න මිනිහගේත් මොනම වටිනා කමක් තියෙනවද? මන් කියන්නේ සරීරෙ. මතකයන් එකතු කර තැවෙමින් කාලය ගෙවනවාට වඩා මතකයන්ටත් ඒ කාලයත් සමගම යන්නට ඉඩ දුන්නනම් හොඳයි නේද? කෙනඩිව මරුවා, ලින්කන්ව මරුවා, ඒ මරණ තාමත් අබිරහස්. එයත් තවත් එක මිනිහෙක් විතරයි, එත් එයා හයිලයිට් වෙලා ඇමෙරිකාවේ හිටපු නායකයෙක් නිසා. මොකක්ද දැන් නෑ හේතුව ඔය මනුස්සයා අවසන් හුස්ම හෙලපු තැන කඩලා එකේ කෑලි පොලව යට හංගන්න, ඒවා ඉතින් අර ඇමෙරිකාවේ CIA සහ FBI එකෙන් ඇහුවත් දැනගන්න හම්බ වෙන එකක් නෑ, අර tv වැඩසටහන x files වල කියන්න වගේ "The Truth Is Out There". :D

    ReplyDelete
  2. ඒවා සිහිවටන විදියට විකුණයි කියල වෙන්න ඇති හංගන්න ඇත්තෙ. සොමියා කියල තියෙනව වගේ The truth is out there :D :D

    ReplyDelete
  3. ඔය අන්තිමේ කිවුව දේවල් එහෙම අතුරුදහන් වෙන්න ඒක අස්සේ මොකක් හරි ලොකු හේතුවක් ඇති.. කොටින්ම ඉතින් ඇමරිකාව කියන්නේ එක්තරා විදිහකට රහස් ගුහාවක්නේ..

    ReplyDelete
  4. අර අපේ කෞතුක භාණ්ඩ උස්සපු 'කණ් කොටා'ද මොකාද කියන එකා ඇමරිකාව පැත්තෙත් කරක් ගහලා වගේ.

    ReplyDelete