Wednesday, March 5, 2014

නුඹ ලගින් උන්නු මං .....



නෙතට නෙත හමු නොවුනද .....
සිතට සිත බැදුනා ස්නේහයෙන්
මං නුඹට වඩා .... නුඹ මටද වඩා .....
ප්‍රේමය පිරුවා .....හදවතින්
මුහුණට මුහුණ ලං නොවී අප ....
සුසුම් .... කදුළු හෙලුවා .....
අපට අප ලගනැති මුත් .....
සිත් මල් පිපුනා දිනෙන් දින
මලකින් මලකට  ..... තරුවෙන් තරුවට
මං නුඹ රුව හෙව්වා ....
නුඹ ලගට එතැයි බලන් හිටිය ....
ඒ මල් අතරේ ... මං නුඹව දුටුවා .....
තරු කවක් කියන්න මට සිතුනා .....

6 comments:

  1. එහෙමත් හිතුනද හ්ම්ම්,,, දිගටම කවි බදිමු

    ReplyDelete
  2. හිතුන නේන්නම්......

    ReplyDelete
  3. දෑස කකියන විටදී විඩා..
    මිරිගුව්ත් පෙනෙලු සදා..

    ReplyDelete